MoodleDocs:Guidelines for contributors

From MoodleDocs

Jump to: navigation, search

Template:Help

Contents

හැඳින්වීම

  • මූඩ්ල් ලියකියවිලි වෙත දායක වන ඔබව සාදරයෙන් පිළිගනීමු. වැඩිදියුණු කළ හැකි ඕනෑම දෙයක් සොයන්න, (නව අන්තර්ගතයක්, ව්‍යාකරණ හෝ හැඩදැමීම) එය ක්‍රියාත්මක කරන්න!
  • ඔබ දැනටමත් ලොගින් වී නැතිනම් කරුණාකර ලොගින් වන්න.
  • මෙහි සියළුම දායකවීම් GNU සාමාන්‍ය පොදු වරපත යටතේ නිකුත් වන බව කරුණාවෙන් සලකන්න.
  • මූඩ්ල් 1.6 සිට, මූඩ්ල් හි සෑම පිටුවක සිටම මූඩ්ල් ලියකියවිලි හි අදාල පිටුවකට සබැඳියක් ඇත. ඔබට මෙය moodle.org හිදී හා, පරිපාලක මුහුණුවරකින් මූඩ්ල් ප්‍රදර්ශණ අඩවියේ දී දැකිය හැක..
  • ඹූඩ්ල් උදව් ගොනු තවදුරටත් භාෂා ඇසුරුමේ පවතින බැවින් ඒවා මෙම ලියකියවිලි වල ඇතුලත් කිරීම අවශ්‍ය නොවන බව කරුණාවෙන් සලකන්න.
  • තිරපිටපත් මඟින් ලියකියවිලි විස්තර කිරීමට ඔබව දිරිගන්වනු ලැබේ. වැඩි විස්තර සඳහා කරුණාකර විලාස මාර්ගෝපදේශකය බලන්න.
  • ඔබට කිසියම් පිටුවක් මකා දැමීමට අවශ්‍යනම්, කරුණාකර පිටුව මුදුනේ {{Deletion}} යන්න යොදන්න.

නව පිටු සැකසීම

  • අමතර ලියකියවිලි සෑදීම සඳහා ඔබට පුළුවන. පවතින පිටුවක නව පිටුවේ නම [[New page name]] ද්විත්ව කොටු වරහන් මැද ඇතුලත් කර එය ක්ලික් කිරීමෙන් එහි සැකසුම් පිටුව වෙත යා හැක. ඊට අමතරව බ්‍රව්සරයේ සිරැසි තීරුවේ ද ඇතුලත් කළ හැක: http://docs.moodle.org/si/New_page_name ( හිස්තැන් යටි ඉරකින් දක්වන්න).
  • සෑම විටම පිටු නාමය ඉංග්‍රීසියෙන් දක්වන්න (මූඩ්ල් හා වෙනත් ලියකියවිලි සමඟ පූර්ණ ගැලපීමක් සඳහා)
  • කරුණාකර කෙටි නම් යොදාගන්නා අතරම පළමු පදය මහකුරුකරනය (Capitalize) කරන්න (ඉතා විරල වශයෙන් මෙය බිඳිය හැක. උදා: Moodle පදය).
  • නව වැඩිදියුනු කරන්නන්ගේ පිටු එම පිටු නාමයට ඉදිරියෙන් Development: එක් කිරීම මඟින් වැඩිදියුණුකරන්නන්ගේ නාමාකාශයට ඇතුලත් කළ යුතුය. උදා: [[Development:New_page_name]].
  • කරුණාකර විලාස උපදේශකය පිළිපදින්න, විශේෂයෙන් නව පිටු හා ප්‍රවර්ග සඳහා.
  • අනාගත ලියකියවිලි ප්‍රතිසංස්කරණයන්හිදී මාරු කිරීම/නැවත යොමුකිරීම මඟින් පිටු සිරැසි වෙනස් කල හැක.

අන්තර් භාෂා සබැඳි

  • ඔබට වෙනත් භාෂා පිටු සඳහා අන්තර් භාෂා සබැඳි එක් කළ හැක. ඒ සඳහා, උදා: ඉංග්‍රීසි ලියකියවිලිහි [[en:Page_title]] පිටුව පතුලේ යොදන්න
  • අන්තර් භාෂා සබැඳි "වෙනත් භාෂා වලින්" කොටසේ ස්වයංක්‍රීයවම දිස්වනු ඇත.

මූඩ්‍ල් අනුවාද අච්චු

  • නව ලක්ෂනයක් ගැන ලියකියවිලි එක් කිරීමේදී, කරුණාකර {{Moodle 1.9}} එක් කිරීම මගින් මූඩ්ල් අනුවාද අච්චුවක් යොදන්න.
  • මූඩ්ල් අනුවාද අතර වෙනස්කම් පෙන්වනවාට අමතරව මූඩ්ල් අනුවාද අච්චු මඟින් ස්වයංක්‍රීයවම ලියකියවිලි අනුවාද අනුව සමූහනයද සිදුවේ, උදා: Category:Moodle 1.9.
  • මූඩ්ල් භාගත කිරීම් හි නොපවතින අනුවාද සඳහා අච්චු ඉවත් කර ඒවා සාමාන්‍ය පෙළ මගින් ප්‍රතිස්තාපනය කළ හැක, උදා "මූඩ්‍ල් 1.5 සිට, ...".

පිටු විවේචන

  • කිසියම් පිටුවක් සම්බන්ධයෙන් විවේචනය කිරීම හා/හෝ කෙටි සාකච්ඡාවක් සඳහා, කරුණාකර අදාල කථාබහ පිටුව යොදාගන්න (පිටු විවේචන ටැබය ක්ලික් කරන්න)
    • කරුණාකර ඔබගේ කථාබහ පිටුව පණුලකුණු 4ක් ~~~~ යෙදීම මඟින් දිනය යොදා අත්සන් කරන්න.
  • දීර්ඝ සාකච්ඡා සඳහා කරුණාකර Using Moodle හි ලියකියවිලි සංසදය භාවිතා කරන්න.
Personal tools
Moodle » Documentation » සිංහල